හිසේ බර(කොරෝනා කාලේ සටහන්)
මේ දිනවල ඔන්ලයින් ඇනවුම් කිරීම වඩා ප‍්‍රචලිතය. බඩු ලිස්ට් එක පොටෝ ගත කොට වයිබර් හෝ වට්ස්ඇප් කළ විට බඩු ගෙදරටම ගෙනැත් දෙනවා යැයි කියති. මගේ දුරතකනයේ එවැනි නොම්මර බොහෝ ප‍්‍රමාණයක් ගබඩා වී ඇත. එහෙත් අම්මාගේ හා තාත්තාගේ බෙහෙත් වට්ටෝරු කියූ පරිදි රාජ්‍ය ඔසුසලට වට්ස්ඇප් කොට දැන් දින 5කටත් වැඩිය. මාර්තු 31 ඇණවුම් කළ එය අද අපේ‍්‍රල් 5වත් ලැබුණේ නැත. දින 2ක් දුරකතනයෙන් විමසූ අතර එව්වෙ කවදා දැයි අසා ආ.. තාම පැක් කරනවා.. ලැබෙයි යනුවෙන් පැවසිණි. ඔවුන්ටද කාර්ය බහුල වන්නට ඇත. මෙසේ බෙහෙත් ඇණවුම් කර ඇත්තේ මා පමණක් නොව.. බොහෝ ඇත. ඒ සියල්ලද ඔවුන් පාර්සල් කොට බෙදා හැරිය යුතුය. අනිවාර්යෙන් කාර්ය බහුලත්වය මේ ප‍්‍රමාදයට හේතු වන්නට ඇත. නමුත් මා අම්මලාගේ බෙහෙත් ඉවර වන්නට පෙර වෙනත් පාමසියකින් මිලදී ගත්තාක් මෙන් හැමෝටම එසේ කරන්නට බැරි වන්නට ඇත. ඒවා ආයතනයේ ප‍්‍රායෝගික ගැටලූ වුවත් බෙහෙත් නැති රෝගියකුට මහත් ප‍්‍රශ්නයකි.
බෙහෙත් පිළිබඳ ප‍්‍රශ්නය රෝගියාටත් වඩා ඔවුන්ගේ දරුවන්ට මහත් පීඩනයකි. රෝහලක සේවය කරන මටත් එය මේ තරම් පීඩනයක් නම් අම්මලා තාත්තලාට බෙහෙත් ගෙනියන අනෙක් දරුවන් ගැන කවර කතාද? ඇඳිරි නීතිය ඉවත් කළ සැණින් පාමසිවල පෝලිම් දික් ගැසේ. රාජකාරියට යමින් පෝලිම්වල රැඳෙනු ද නොහැකිය. ඇඳිරි නීතියට පාමසි වසා දමනු ඇති. ඒ වෙලාවට විවෘත කර තිබුණා නම් නිදහස් වෙලාවක ඇවිත් පෝළිමේ නොසිට බෙහෙත් මිලදී ගත හැකිය. මිය ගිය ආච්චිගේ ක්ලිනික් පොතද ඇඳිරි නීති බලපත‍්‍රය වෙනුවට පෙන්වමින් අපේ මිනිස්සු එයද අවභාවිත කිරීම නිසා කලින් ලිහිල් කර තිබූ පාමසි විවෘත කිරීමේ නීතියද දැන් තද කොට ඇත.
කෙසේ හෝ පළවෙනිදා ඇඳිරි නීතිය ලිහිල් කර යළි පනවන්නට විනාඩි පහක් තිබියදී රාජකාරිය විනාඩි දහයකට යාළුවෙකුට පවරා පෞද්ගලික පාමසියකින් අම්මාට හා තාත්තට බෙහෙත් මාසයකට රැගෙන ආවෙමි. එය හිස මත වූ මහත් බරක් බිම තැබීමක් විය.
ගැමුණු පී. දසනායක
2020-04
ප.ලි. ඇණවුම් කළ බෙහෙත් පාර්සලය අද එනම් 2020-04-09 පෙ.ව. 11.30ට මා අතටම ලැබිණි.
No comments:
Post a Comment